Saturday, June 28, 2014

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
සයිමන් නවගත්තේගමයන්ගේ ‘සංසාරණ්‍යය’ කෘතියෙන් ආරම්භ වූ දඩයක්කාරයා මූලිකකොට ගත් කතා මාලාවේ, ‘සංසාරණ්‍ය අසබඩ’ නම් කෘතියට. මෙය ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් විවරණයක් වනවා සේම වෙන ම පරිකල්පනා ලෝකයකට අප රැගෙන යන කෘතියක් .

ප්‍රබන්ධ නොවන කෘතිය...
‘මිනිසාගේ සම්භවය’ නම් රුසියානු පරිවර්තන කෘතිය. මට මතක විදියට මෙහි මුල් කෘතිය රචනා කළේ එම්. නෙස්ටූර්හ් නම් රුසියානු ලේඛකයා.

මේ දිනවල ඔබ කියවන්නේ...
පුෂ්පා ‍රම්ලනී ගේ ‘සුදු හිම පළස’ කෙටි කතා පොත. ඇ‍ෆ්ගනිස්ථානු ජන ජීවිතයේ ඈ ජීවත් වූ සමයේ විඳි අත්දැකීම් සමුදායක් සහ එහි කාන්තාව විඳින පීඩනයයි මේ කෘතියෙන් කියැවෙන්නේ. අපේ සමාජයට අනන්‍යකොට රචනා කොට තිබීමයි මේ කෘතියේ වැදගත්ම දේ.

කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘සත්ව සංතතිය'. මෙය මිනිසාගේ පරිණාමය සහ පැවැත්ම පිළිබඳ විද්‍යාත්මකව කරුණු ගොනු කළ කෘතියක් .
ඊළඟට සුනිල් සී. පෙ‍රේරා පරිවර්තනය කළ බෲනෝ ආපික්ස් ගේ ‘වෘක්කයන් අතර නග්නව’ කෘතිය. අන්තර්ගතය හා රචනා ශෛලිය අතින් පොහොසත් මේ කෘතියෙන් පහුගිය වකවානුවල අප වින්ද භාෂණයේ අත්දැකීම්, වෙනත් රටකින් රැගෙන ආ අත්දැකීම් සමඟ එක්ව හැඟී යනවා.
ඊළඟට මං කැමැතියි, ලියනගේ අමරකීර්ති පරිවර්තනය කළ කලාව කුමකටද... කෘතියත් කෙනකු කියවනවා නම්.
කලාව සහ එහි භාවිතාව පිළිබඳ අප තුළ ඇති විවිධ මළකඩ කොටස් කඩා දමපු නව්‍ය (modern) අර්ථකථනයක් ලබා දෙන කෘතියක් මෙය.

පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ශෛලියද... අන්තර්ගතයද නැතිනම් අවසානයද...
අන්තර්ගතය මූලිකයි. එය පාඨකයාට වඩාත් ගෝචර වීමට නම් රචනා ශෛලියත් වැදගත් වනවා. අවසානය පිළිබඳ මා එතරම් තකන්නේ නෑ. මොකද අවසානයට එන විට අපි ඒ පොතේ අන්තර්ගතයෙන් ජීවිතයට අවශ්‍ය දේ උකහා ගෙන ඉවරයි.

සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා..

මාර්ටින් වික්‍රමසිංහ උපත ලැබුවේ දකුණුලක කොග්ගල, මලලගම,
ගිංපතලිය නම් ග්‍රාමයේදී 1890 මැයි මස
29 වනදායි. ඔහුගේ පියා දොන් බස්තියන් සිල්වා වූ අතර පසුව ඔහුව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නාමයෙන් හදුන්වන ලදි. මව නොච්චොහාමි නම්විය. දහදෙනෙකුවූ පවුලක නවවැන්නා වූ වික්‍රමසිංහට වැඩිමහල් සොහොයුරියන් අට දෙනෙකු හා එක් බාල සොහොයුරියක් වුහ. ඒ අනුව මාටින් වික්‍රමසිංහ ඒ පවුලේ එකම පිරිමි දරුවා විය.
මාටින් වික්‍රමසිංහ මුලින්ම ගුරුගෙදරින් ලබන සාම්ප්‍රධායික අධ්‍යාපනය ලැබුවේය. එදා සාමාන්‍ය පවුල්වල දරුවන් ගුරුගෙදරට ගොස් අධ්‍යාපනය ලැබුවත් ප්‍රභූ පවුල්වල ළමයින්ට අකුරුකරවීම සදහා ගුරුන්නාන්සේ ගෙදරටම පැමිණීම සිරිතක්ව පැවතිණ. වික්‍රමසිංහගේ පියා කලක් ගමේ ඔපිසර තනතුර දැරූ නිසා ඔහුද ප්‍රභූ පවුලකට අයත්විය. මේ නිසා අප කතා කරන මාටින් වික්‍රමසිංහයන්ටද තම නිවසේදීම ගුරුන්නාන්සේ කෙනෙකු වෙතින් මූලික අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවිය. මෙසේ දොන් බස්තියන් වික්‍රමසිංහ ගෘහපතියාගේ නිවසට පැමිණි අන්දිරිස් ගුරුන්නාන්සේ වෙතින් මාටින් වික්‍රමසිංහයන් පමණක් නොව ඔහුගේ සොහොයුරියන් කිහිපදෙනෙකුටම අධ්‍යාපනය යම්තාක් දුරට ලබා ගැනීමේ අවස්ථාව හිමිවුනි.

මාගේ මේ උත්සාහය

මාගේ මේ  උත්සාහය පොත් පත් ,ආදරණිය  ලේකකයන් පිළිබද විසිරී ඇති දැනුම එක ස්ථානයකට ගොනු කර දැක්වීමයි .
ඇතැම් කරුණු උපුටා දක්වන අතර ඒවගේ සියලු හිමිකම් හා ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු අතර ඒ සෑම උපුටා දැක්විමකම මුල් ලිපියේ ලින්කු මෙහි ඇතුලත් වනු ඇත...