Saturday, June 28, 2014

සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා..

මාර්ටින් වික්‍රමසිංහ උපත ලැබුවේ දකුණුලක කොග්ගල, මලලගම,
ගිංපතලිය නම් ග්‍රාමයේදී 1890 මැයි මස
29 වනදායි. ඔහුගේ පියා දොන් බස්තියන් සිල්වා වූ අතර පසුව ඔහුව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නාමයෙන් හදුන්වන ලදි. මව නොච්චොහාමි නම්විය. දහදෙනෙකුවූ පවුලක නවවැන්නා වූ වික්‍රමසිංහට වැඩිමහල් සොහොයුරියන් අට දෙනෙකු හා එක් බාල සොහොයුරියක් වුහ. ඒ අනුව මාටින් වික්‍රමසිංහ ඒ පවුලේ එකම පිරිමි දරුවා විය.
මාටින් වික්‍රමසිංහ මුලින්ම ගුරුගෙදරින් ලබන සාම්ප්‍රධායික අධ්‍යාපනය ලැබුවේය. එදා සාමාන්‍ය පවුල්වල දරුවන් ගුරුගෙදරට ගොස් අධ්‍යාපනය ලැබුවත් ප්‍රභූ පවුල්වල ළමයින්ට අකුරුකරවීම සදහා ගුරුන්නාන්සේ ගෙදරටම පැමිණීම සිරිතක්ව පැවතිණ. වික්‍රමසිංහගේ පියා කලක් ගමේ ඔපිසර තනතුර දැරූ නිසා ඔහුද ප්‍රභූ පවුලකට අයත්විය. මේ නිසා අප කතා කරන මාටින් වික්‍රමසිංහයන්ටද තම නිවසේදීම ගුරුන්නාන්සේ කෙනෙකු වෙතින් මූලික අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවිය. මෙසේ දොන් බස්තියන් වික්‍රමසිංහ ගෘහපතියාගේ නිවසට පැමිණි අන්දිරිස් ගුරුන්නාන්සේ වෙතින් මාටින් වික්‍රමසිංහයන් පමණක් නොව ඔහුගේ සොහොයුරියන් කිහිපදෙනෙකුටම අධ්‍යාපනය යම්තාක් දුරට ලබා ගැනීමේ අවස්ථාව හිමිවුනි.


පැරණි ග්‍රාමීය අධ්‍යාපනයේ මීලග පියවර වූයේ ගමේ පන්සලෙන් යම් අධ්‍යාපනයක් ලැබීමයි. ඉන් අනතුරුව මාටින් වික්‍රමසිංහයන් හට ගාල්ලේ බොනවිස්ටා විදුහලෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවිය. බොනවිස්ටා විදුහල ගැන යමක් පවසන්නේ නම් ලංකාවේ බිහිවූ, පුරාවිද්‍යාව පිළිබදව සහ ඉතිහාසය පිළිබදව කීර්තිමත්ම බුද්ධිමතෙකු හා උගතෙකුවන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද මූලික අධ්‍යාපනය ලබාගත් අධ්‍යාපන ආයතනය විය. කෙසේවෙතත් මේ ශ්‍රේෂ්ඨ විද්වතුන්දෙදෙනා මෙම විදුහලෙන් අධ්‍යාපනය ලැබූවේ එකම කාලයක නම් නොවේ. වික්‍රමසිංහයන් තම ඉංග්‍රිසි අධ්‍යාපනය මෙම විදුහලෙන් ලබා ගත් අතර එම විදුහලේ ගත කල චමත්කාර අවධිය පිළිබදව ඔහු විසින් පසුකලෙක රචනා කරන ලද “උපන්දා සිට“ කෘතියේද දක්වා තිබේ.
සම්පුර්ණ ලිපිය මෙතනින්..


මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ කෘතිි

ළමා සාහිත්‍යය
බාලෝපදේශය - 1903
ගලිවරායනය -1932
රජවෙන්නට ගිය මහත්තයා-1932
දඩු මොණරය -1932
ජිව විද්‍යාව
කුරුමිණි සත්තු -1929
කුරැකුහුඹු සත්තු-1930
වෙස් මාරු කරන සත්තු-1931
මුහුදු වෙරළ-1932
සත්ව ලෝකය-1936
විද්‍යා විනෝද කතා-1957

නව කතා
ලීලා -1914
සෝමා-1920
අයිරංගිනි-1923
සීතා-1923
මිරිගු දිය-1925
උන්මාද චිත්‍ර 1925
රෝහිණී-1929
ගම්පෙරළිය-1944
මඩොල් දුව-1947
යුගාන්තය -1949
විරාගය-1956
කලි යුගය-1957
කරුවල ගෙදර-1963
බවතරනය-1973
කෙටි කතා සංග්‍රහය
ගැ හැණියක්-1924
කතා-1936
මාර ය්ද්ධය-1946
අපේ විත්ති-1947
මගේ කතාව-1949
වහල්ලු -1955
ජිවිතය ඇසුරින් ලියු කතා
අපේගම 1940
කළුනික සෙවිම 1950
උපන්දා සිට-1961


තව විස්තර... 

No comments:

Post a Comment